Pages

Saturday, May 4, 2013

Chinese Zodiac (2012) පුරාවස්තු හොරා

Chinese Zodiac (2012) පුරාවස්තු හොරා  

  IMDb 6.4/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 576වෙනි ස්ථානයේ තියෙනවා.ජැකී චෑන් කිව්වම ඉතින් සුපිරි සටන් තියෙනවා කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නැහැනේ.ජැකී චෑන් විසින්ම තමයි මේකෙ නිශ්පාදනය,අධ්‍යක්ෂණයස තිර රචනය කරලා තියෙන්නෙත්.මේ චිත්‍රපටියේ නිශ්පාදන වියදම ඩොලර් මිලියන 10කට අධිකයි.ක්‍රියාදාම ගණයට අයිති වෙන මෙම චිත්‍රපටියේ ත්‍රාසය වගේම විනෝදයත් ගැබ් වෙලා තියෙනවා.ඒ වගේම ජැකී චෑන්‍‍ගෙ අනිත් චිත්‍රපටි වගේම මේ චිත්‍රපටියත් චුට්ටක්වත් කම්මැලි නැතිව එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් විදිහේ සුපිරි චිත්‍රපටියක් .

                කතාවේ හැටියට ජැකී චෑන් හෙවත් ජේසී කියන්නෙ කෞතුක භාණ්ඩ හොරකම් කරලා සල්ලි වලට විකුණන කෙනෙක්.එක්තරා සමාගමකින් මෙයාලට ලොකු කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා පුරාණ චීන මාලිගාවකින් කොල්ලකාගෙන ගිය චීන රාශි චක්‍රයට අයත් ලෝකඩ හිස් දොලහක් ඒවා තියෙන තැන් වලින් හොරකම් කරන්න.ඒ හිස් දොලහ තියෙන්නේ ලෝකයේ විවිධ තැන් වල.මේ අභියෝගයට මුහුන දෙන්න ජැකී චෑන්ගේ සහයට සුපිරි කණ්ඩායමක් ඉන්නවා.ඒ වගේම සුපිරි තාක්ෂණික උපකරණ හා අවශ්‍ය සියළුම සම්පත් තියෙනවා. හැබැයි ඉතිං මේ හිස් දොලහම හොයා ගන්න එක එච්චර ලේසි වැඩක්නම් නෙවෙයි. ඒවා තියෙන තැන් හොයාගත්තත් හොරකම් කරන එකනම් කොහෙත්ම ලේසි පාසු වැඩක් නෙවෙයි.ඉතුරු ටික ඔයාල බලලම තෙඅරුම් ගන්නකො
                           මතක තියාගන්න මේ film එක downlord කරගන්නන්ම් torrent කියන මෘදුකංගය ස්ථාපනය කරලා තියෙන්න ඕනි. මෙමෙ web අඩවිය ගැන ඔබේ අදහසකුත් පලකරලා යන්න අමතක කරන්න එපා හොදේ ,,,,,,,,,,,,,,

                                  Film එකබාගන්න මෙතනට කොටන්න


විඩියෝව මෙතනින් බලන්න

No comments:

Post a Comment