Posted by Unknown | 0 comments

The Last Stand (2013) අවසන් නැවතුම,,,,,,

 


පසුගිය ජනවාරි 23  තිරගත් කිරීම් ආරම්භ කල් මේ කතාව IMDb දර්ශකයේ ලකුණු 6.9ක් අරගත් ක්‍රියාදාම සාගරයකින් යුතු කතාවක්.ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jee Woon Kim විසින්. රංගන දායකත්වය Arnold Schwarzenegger, Forest Whitaker,Peter Stormare වගේ දක්ෂ නළුවන්ගෙන්.
             මෙන්න මේකයි කතාව ඇමෙරිකාවේ තියෙනවනේ ඇරිසෝනා කියලා ප්‍රාන්තයක්. එකේ කෙරවලේ තියෙනවා සමර්ටන් කියලා ගමක් මෙක්සිකානු දේශ සීමාවට ලංවෙලා. මේ ගමේ ඉන්නේ ටිකක් පරණ මිනිස්සු නගරෙන් ඈත් වෙලා නිදහස අගය කරන පිරිසක්. ඉතින් නගරේ ඉන්නවා ෂෙරිෆ් කෙනෙක් සහ ගෝලයෝ තුන් දෙනෙක්. ඒ කිව්වේ ගමේ පොලිසිය තමයි මෙයාල. ප්‍රධාන චරිතය වන ෂෙරිෆ් තමයි හැට පැන්නත් වීරයා වීරයමයි කියල ඔප්පු කරන ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් නගරාධිපති තුමා. ඉතින් මේ අතරේ මේ නගරයට යම් පිරිසක් එනවා දවසක, එදා මේ ෂෙරිෆ් මහත්තයාගේ නිවාඩු දවස. මේ මිනිස්සු ටිකක් අමුතුයි. එත් එක්කම ඇමෙරිකානු FBI එකෙන් දරුණු අපරාධ ලෝකේ රජෙක් වන මෙක්සිකානු සිරකරුවෙක් ඉතාම රහසිගත ලෙස මාරු කරවන්න හදනවා. ඉතින් අවසානයේ මේ සිරකරුවා ඉතාමත් සූක්ෂම ලෙස හිරෙන් පනිනවා අතරමගදී......??
                                                                           ඉතිරි ටික ඔයාල බලලම තෙරුම් ගන්නකො , මතක ඇතිව මෙම අඩවිය ගැන ඔයාලගේ අදහසකුත් දාලා යන්න අමතක කරන්න එපා,අඩුපාඩු ඇත්නම් එවත් සදහන් කරලා යන්න අමතක කරන්න එපා ,ඔයාලගේ අදහස් මට මට ගොඩක් වටිනවා. එහෙන්ම් කස්ටියටම සුබ දවසක් වේවා...!!!

                              Film එකබාගන්න මෙතනට කොටන්න


0 comments:

Facebook Blogger Plugin: Bloggerized by Madushan